Name-Kasuni Sandarathna, Mobile-0763852154, University-Peradeniya, Faculty-AHS, Title-අන්තිම කවිය, Creation-නිති මන බඳන හද සසලන සොඳුරු සඳ ගෙන දෝතින්ම හද'ඹර මුදුනත පැළඳ තරු පිරිවරා සරසා එළියෙන් බොළඳ වරදක් කළෙමි රහසින් සඳ කැලුම් විඳ මා ලියවැලක්මය දුක් සෝ පිණි දරන රන් හිරු ඔබම විය දුක පලවා හරින අනවසරෙන්ම උදුරා නොහෙලා දෙරණ දෙනවද සමා අයිතිය කිව්වට කිරණ ලොව වන ගැබකි මා එහි අතු පිරි රුකකී රුක් දෙවි ඔබම විය මට නිති එ රුක රැකී එහෙමට නොවටිනා වග සිහියෙන් වියැකී රැකුමට පැතුම වරදකි කම් කළ නොහැකී මුදු පිණි බිඳක සිසිලක් පතමින් නිතින කතරකි මහද විටකදි වියළී දැවෙන නුඹ පොද වැස්ස කරගෙන සිත්සේ තෙමුණ දෙනවද සමා වරදට මා'තින් කෙරුණ මඟ අහුරමින් පෙනි පෙනි සිරිපා මුදුන සමනලියක්මි මම වෙහෙසී නතර උන ඔබ සම කරන් මට දිරි දෙන මඳ පවන ඉගිලුණු වරද ගැන නොම වනු මැන උරණ කඳුලක රසය උතුරා ගලමින් ඉන්න අහසකි මසිත දුන් අඳුරට රජයන්න දිනකට ඉල්ලුවට ඔය හැඩ දේදුන්න තිබුණොත් සමාවක් පුලුවන් නම් දෙන්න කතරක තනිවු මගෙ හදවත ගැල් පෙලකී රන් තරුවක්ය ඔබ ගැල් පෙල හට මඟ කී රහසෙම හිතින් මා කළ ප්‍රේමය සුරැකී එය නම් කමා කෙරුමට නොවටින පවකී සුන්දර සදාතන පෙම සුසුමක තවරා යන්නට නොදී දුක් කඳ හදවත පුපුරා නිම් නැති කඳුලු නෙතඟින් හෙමිහිට උදුරා අන්තිම කවිය අහසට පවසමි කොඳුරා