Name-Sathmini Wathsala, Mobile-0716490981, University-Peradeniya, Faculty-Veterinary Medicine , Title-poem, Creation-අකුරු බැරි උන්ට - පොතක ලියපුවා තේරෙයිද?? කැම්පස් යන්න ඉසෙඩුත් - දෙවනවර ලියන්න සල්ලිත්, මදිපාඩු නිසාවෙන් විද්‍යාපීට ඉල්ලුවා පත්වීම අරගෙන - කරකාර බැඳගෙන මාරුව හදාගෙන අළුත් ඉස්කෝලෙට ආවා පුස්තකාලෙ මිස්ගෙ ප්‍රසූත නිවාඩුවත්-වෙන පුරප්පාඩු නොතිබීමත් හන්දා, ගණං උගන්නපු මම 'පුස්තකාල ටීච' වුනා... "අනිද්දට භාණ්ඩ සමීක්ෂණේ-ඊට කලින් පොත් සංගණනෙ ඉවර කරන්න" ඔෆිස් එකට කැඳවීමක් ලැබුණු මට ප්‍රින්සිපල් සර් කිව්වා... "කවදා කාපු කටුදැයි" සිතමින් - වරුවක සටනකින් පසු මහන්සිය සුසුමකට දියකර ඊළඟ ෆයිල් එක පෙරලුවා "ගිහින් අට C එකේ සරණිට එන්න කියනවා" පුස්තකාලෙ ළඟින් ගිය ළමයෙකුට මම කිව්වා... "එකම එක පොතයි අරන් තියෙන්නෙ, ඒකත් දෙදාස් දහඅටේ - ඒකවත් තාම දීලා නෑ... හෙටවත් පොත අරන් එනවා-නැත්තන් අම්මව එක්කන් එනවා" බිමටම ඇස් ඇළුණු පොඩි කෙල්ලට මම ගිගිරුවා පහුවදා උදේම - කෙල්ල දොරළඟ ඇවිත් හිටියා... "එක්කන් එන්න අම්මා නෑ ටීච මට අම්මා කොයිවගේද දන්නෙත් නෑ මම; මේ පොතෙන් හරි අම්මා ගැන හොයාගන්නයි අරන් ගියෙ, පස්සෙ මන් පොත අම්මා කියලා හිතුවා පොත එක්ක කතා කරා - පොත එක්ක නිදාගත්තා පොත අම්මගෙ සුවඳයි - පොත ළඟ හරි සනීපයි... ඒකයි තියන් හිටියේ - සොරි ටීච" පිටු ගැළවිලා කලුවෙලා ගිය 'මැක්සිම් ගෝර්කිගෙ අම්මා' මට දික්කරමින් පොඩි එකී මිමිණුවා... -සත්මිණි වත්සලා-