Name-Dishan Chathuranga, Mobile-0770663650, University-, Faculty-, Title-, Creation--එංගලන්තයේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිවසේ තිබී ඔහුගෙ පැරණි ඩයරියක් හමුවේ. එහි එක් පිටුවක "ලොවීනා" ගෙ මතක ගැන ඔහු මෙසේ ලියා තිබිණි- සුන්දර හැමදේම උමගෙහි ඇතුලෙ තියා අපි මැව් හීන අළු එක්කම හුලගෙ ගියා එහෙ තිබු සියළු සේසත උඹෙ නමින් ලියා මට හිමි උඹේ පෙම විතරක් අරගන් ගියා කුලයට උඹේ උඩුකය රෙදි හිමි නැතුවා සොල්දාදුවෙක් තනයට උඹෙ පෙම් කෙරුවා ඉවසා ගතා නොහී මම ඒකව මැරුවා උඩුකය වසන උඹෙ හීනය ඵල දැරුවා කඩුපුල් පියරු දුටු මෙහොතෙහි ඇස් ඇරුනා රමණෙට නෙමෙයි ප්‍රේමයකට සිත් බැඳුනා මූසල හිරිකඩින් අඩු වැඩි තැන් පිරුනා අපිටත් නොදැනි අපි දෙන්නට වස් වැදුනා බාධක ආ නමුදු මගකින් අතැර නොයා දහසක් දෙස් දොවොල් පාමුල සිනා තියා අවසන් හීනයත් ප්‍රේමය නමට ලියා මුළුලොව දරන් හිනහෙනවද 'ලැවීනියා'