Name-දෙවින් හස්නක, Mobile-0719154938, University-University of Peradeniya , Faculty-Engineering , Title-වැරැද්ද, Creation-රත් පැහැ ඵලය ගිලිහී ගොස් සුරඟ අතින්.. මත් කර දියත සඳ නාග එයි අවර ගිරින්,, අත් හල දිරිය යලි කැටි කොට සතර දෙසින්.. ලත් තැන හෙලමි කවියක මදු විරහ සොවින්.. උස්තැන් වලදී හමනා මුදු සුළඟ බඳූ.. තිස්සෙම හිතට සුව ගෙන'විත් පොවා මදූ.. ලස්සන මලක හිත රැඳුනත් ආල පිදූ.. ඉස්සෙම කඳුළු විතරයි හිත කරන් රුදූ.. ඉත්තේම එකට පිපුනත් මල් සුවඳ සැදූ.. මත්තෙම නැහුනේ දුර ඇති ඒ මලට මුදූ.. ඇත්තෙම ඇනුණු කටු විතරයි රිදුම ලදූ.. නිත්තෙම දැනුනෙ එක කරුණයි සිතම සැදූ.. බෝ සා ගින්න මැද මොනරුන් මියැදෙද්දී.. පුන් සා වතට හී විද විද පැරදෙද්දී.. රන් සාවියත් මා නොදැනම දුර යද්දී.. *"මේ සා විසල් කවි ලී මමමයි වැරදී.." *මෙහි අවසන් පදය ඉලක්ෂ ජයවර්ධන මහතාගේ පහත කවියෑන් උපුටා ගත් ලදී.. හාවා යැයි සිතා තණ පඳුරට රැවටී මෑනූ දුන්න එහෙමම තිබෙනා විටදී පෑයූ සඳට ඒ හී විද විද පැරදී මේසා විසල් කවි ලියු මමමයි වැරදී ~ ඉලක්ෂ ජයවර්ධන ~