Name-එන්.පී.අනූෂා මහාමායා දේවී කුලරත්න., Mobile-0701224588, University-පේරාදෙණිය විශ්ව විද්‍යාලය, Faculty-ශාස්ත්‍ර පීඨය, Title-මොණරු පස්සෙන්ම දුවන්නේ මං උබට හෙට දවසක් තනන්නට , Creation-මොණරු පස්සෙම දුවන්නේ මං උබට හෙට දවසක් තනන්නට ____________________________ වංකගිරි පියාඹපු වවුල්ලුත් එල්ලිලා කප් රුක් කැලෑ වල හැංඟිලා වමතේ සොවට බර මැණික් කැට උරුලෑ උකුල් වල එල්ලිලා කඳුලැස්ස ගස් වල දෙනෙත් ගංඟා ගොඩ ගලන කොට තනේ කිරි හිඳුනේලු දවසක් සුරත් සුව මධුවිතට දෙනකොට මොණරු ඉගිලෙන මහ දවල් මැද නග්න හිරු වල්මත්ව එන කොට ල'පත බිඳිලා ලේ වැගිරුණා දරු සෙනෙහෙ පැදුරේ අඬනකොට ණය පොතට දුන් හාල් හුණ්ඩුව සිරුර මත්තෙම පෙම් කෙලින කොට මුදලාලි තව ණයට දුන්නා දවසකට රැය දවල් නැති කොට වැහැරිලා ගිය දෙතන මත්තෙම සලෙල සිත් පෙම් රස හොයනකොට කුසට අහරක් හොයන බිළිඳුට කිරි කඳුළු මොන ලොවෙන් දෙන්නද පාර අද්දර බෝ සෙවණ දෙස බලා හිත යට දොහොත් බැන්දට පන්සලට යන්නේ කෙලෙස මා අම්බපාලී කියයි උදවිය මක් කරන්නද මගේ රන්කැටි බිළිඳුනේ උබ මක් කරන්නද මගේ පාපෙට උබත් වැටුනා කරේ බැඳගෙන පාප රන් පොට පතොක් ගස් වල මලුත් පිපෙන්නෙ හුරු වෙලා ගිනියමේ නියගෙට මොණරු පස්සෙම දුවන්නේ මං උබට හෙට දවසක් තනන්නට සමාවෙන් රත්තරං අම්මට පාපයක් පහු ගිය භවේ කළ පාපතරයන් ළඟට යන්නේ මැණික මෙන් උබ ඔප කරන්නට මොණර තටු අහුලලා ගන්නට 🖋️අනූෂා🖋️